වයඹ පළාත් සභාව | North Western Provincial Council
සිංහල தமிழ் English

වයඹ පළාත් භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව

"සෞභාග්‍යමත් වයඹ ජනතාවක්"

අයවැය සැකසීම පළාත් භාණ්ඩගාර කළමනාකරණය මූල්‍ය කළමනාකරණය

අපගේ මෙහෙවර

වයඹ පළාතේ ජනතාවගේ තිරසර සංවර්ධනය උදෙසා පවතින මූල්‍ය හා භෞතික සම්පත් ඵලදායීව හා කාර්යක්ෂමව යෙදවීම පිණිස මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදනය, මූල්‍ය කටයුතු උපදේශනය, මෙහෙයවීම, පළාතේ ගිණුම් පවත්වාගෙන යාම, අයවැයකරණය යනාදිය ඇතුලත් භාණ්ඩාගාර කටයුතු මැනවින් පවත්වාගෙනය යාම.

අපගේ අංශයන්

1. අයවැය අංශය

  • අතුරු සම්පත ගිණුම් ඉදිරිපත් කිරීම, වාර්ෂික මුදල් ප්‍රකාශය පිළියෙල කිරීම, විසර්ජන ප්‍රඥප්තිය පිළියෙල කිරීම හා වොරන්ට් බලපත්‍ර නිකුත් කිරීම
  • පරිපූරක ඇස්තමේන්තු හා ප්‍රතිපාදන මාරු කිරීම් පිළිබඳ කටයුතු
  • පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් තීරණය කිරීම හා ප්‍රතිපාදන සැලසීම
  • අයවැය කළමනාකරණය හා පාලනය, අයවැය දත්ත රැස් කිරීම හා විශ්ලේෂණය
  • ඇස්තමේන්තු ලබා ගැනීම හා පරීක්ෂාව, අයවැය සාකච්ඡා හා අයවැය කමිටු
  • ජාතික ප්‍රතිපත්ති ප්‍රමුඛතා හා සැළසුම් තොරතුරු තබා ගැනීම
  • අත්තිකාරම් ගිණුම්වල සීමා සංශෝධනය
  • සේවක සංඛ්‍යා තොරතුරු ලබා ගැනීම හා පාලනය

2. ආදායම් හා මුදල් අංශය

  • ආදායම් ඇස්තමේන්තු හා ආදායම් වාර්තා පිළියෙල කිරීම, ආදායම් ඇස්තමේන්තු ප්‍රතිශෝධනය, විශ්ලේෂණය කිරීම, ආදායම් එකතු කිරීම, ආදායම් ගිණුම, හිග ආදායම් ගිණුම හා ආදායම් ප්‍රගති කටයුතු
  • මූල්‍ය රීති පැනවීම, සංශෝධනය, අධීක්ෂණ මණ්ඩල රාජකාරී කටයුතු, අලාභ, අත්හැරීම්, කපා හැරීම් හා වන්දි ගෙවීම
  • පළාත් ගිණුම්කාරක සභා කටයුතු හා වාර්තා පිළිබඳ කටයුතු
  • විගණකාධිපතිගේ විගණන වාර්තා, කෙටයුම්පත් වාර්තා හා විගණන විමසුම් පිළිබඳ කටයුතු
  • මෝටර් වාහන බලපත්‍ර, මුද්දර හා රේන්ද බසු ආදායම් රාශිකරණය
  • විමධ්‍යගත කොට ඇති කාර්යයන් ඉටු කරගැනීම
  • ප්‍රාදේශීය සංවර්ධන වැඩ සම්බන්ධීකරණය
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර ඇති පළාත් සභා නිලධාරීන්ගේ සාමාන්‍ය අධීක්ෂණ කටයුතු

3. ගිණුම් හා ගෙවීම් අංශය

  • පළාත් සභා අරමුදලේ ගිණුම් තැබීම හා පරිපාලනයට අදාළ සියළු කටයුතු
  • අග්‍රිම නිකුත් කිරීම හා පාලනය හා අග්‍රිම සීමා නියම කිරීම
  • පළාත් සභාවේ සියළුම බැංකු ගිණුම් පාලනය හා අධීක්ෂණය
  • මාසික භාණ්ඩගාර ගිණුම් වාර්තා ගණන් දීමේ නිලධාරීන් වෙත නිකුත් කිරීම හා ගිණුම් ප්‍රසිද්ධ කිරීම.
  • පොදු තැම්පත් ගිණුම් හා රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම් කටයුතුවලට අදාළ රාජකාරී කටයුතු
  • ප්‍රදාන ලබා ගැනීම
  • ආදයමින් අපසු ගෙවීම
  • ප්‍රසම්පාදන කටයුතු

අපගේ ප්‍රධාන කාර්ය මණ්ඩලය

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය කළමනාකරණ)

Department Head

අධ්‍යක්ෂ (ගිණුම් හා ගෙවීම්)

Department Head

අධ්‍යක්ෂ (මුදල් හා ආදායම්)

Department Head

අධ්‍යක්ෂ (අයවැය)

Department Head

බාගත කිරීම්

ප්‍රකාශන, චක්‍රලේඛ සහ වාර්ෂික වාර්තා PDF ලබා ගැනීමට මෙම කොටස භාවිතා කරන්න.

අයවැය වාර්තාව - 2024
මූල්‍ය චක්‍රලේඛ